පුළුල් HD screen එක සමඟ එන Huawei MatePad T10s දැන් වෙළඳ පොළේ

තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් මාදිලියක් වන MatePad T10s දේශීය වෙළඳ පොළ වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී MatePad T10s වෙළඳ පොළට හදුන්වාදීමත් සමඟම ඉහළ පරිශීලක ඉල්ලුමක් සහ ප්‍රසාදයක්  මේ සඳහා හිමිවූ අතර, එයට මුලික හේතුව වන්නේ මෙහි අන්තර්ගත විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික සැකසුමයි. තවද මෙම උපාංගය අක්ෂි ආරක්ෂණ ක්‍රමවේදය යනාදී පරිශීලක-හිතකාමී අංගයන්ගෙන් නිර්මාණය කර ඇති අතර, Harman Kardon සමඟ එක්ව සකස් කරන ලද ද්විත්ව ස්පීකර් පද්ධතියකින් ද සමන්විත වේ.

MatePad 10s හි ආකර්ශනීය විශේෂාංග අතර එහි අඟල් 10.1 පූර්ණ HD තිරය පෙන්වා දිය හැකිය. Huawei ClariVu තාක්‍ෂණයෙන් පරිණත MatePad 10s පැහැදිලි හා විචිත්‍රවත් රූප ලබා දීමට සමත් වේ. සිහින් bezels නිමැවුම මෙය ඉතා අලංකාර  අති නවීන උපාංගයක් බවට පත් කරයි . වර්තමාන තාක්ෂණික පාරිභෝගිකයින් මෙම ටැබ්ලට් එක වෙත ආකර්ෂණය වීමට මෙයද එක හේතුවක් වී ඇත.

Huawei MatePad T10s පරිශීලකයින්ට ඉහළ විනෝදාස්වාදයක් ලබාදෙන අතර  ද්විත්ව ස්පීකර් පද්ධතිය නිසා අතිවිශිෂ්ට ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දෙයි. Harman Kardon තාක්‍ෂණය මගින් සුසර කර ඇති ද්විත්ව speaker එක ඔබ සංගීතයට සවන් දෙන විට හෝ ඔබේ ප්‍රියතම චිත්‍රපට නරඹන අවස්ථාවන්හි ඉහළ තත්වයකින් යුතුව පුර්ණ වින්දනීය අත්දැකීමක් ලබාදේ.

චිත්‍රපටි නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම සහ E-Books කියවීම සඳහා පරිපූර්ණ සහයකයකු  වීමට අවශ්‍ය සෑම සුදුසුකමක්ම Huawei MatePad T10s සපුරයි. අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට සහ වැඩි වෙලාවක් අන්තර්ජාලය භාවිතා කරන්නන්ට වඩාත් සුදුසු වන ලෙස  TÜV Rheinland මගින් සහතික කරන ලද අක්ෂි ආරක්ෂණ (Eye protection ) තාක්‍ෂණයකින් Huawei MatePad T10s බලගැන්වී ඇත. Huawei MatePad T10s  ඉහළ වෙලාවක්  භාවිතා කලද ඇසට කිසිදු අපහසුතාවයකින්   ඇති නොවන අතර ඉහළ මට්ටමේ අක්ෂි සුවපහසුවක් (Eye Comfort ) ලබාදේ . මෙමගින් බාධාවකින් තොරව රැකියා කටයුතු සහ චිත්‍රපට නරබිමේ හැකියාවද හිමිවේ. MatePad T10s ආවේණික  E-Book mode සමඟ එන බැවින් පරිශීලකයින්ගේ අන්තර්ජාලීය කියවීමේ අත්දැකීම වඩාත් ප්‍රියජනක කරවයි. විශේෂයෙන්ම නිවසේ සිට අධ්‍යාපනික කටයුතු කරනු ලබන ළමුන්ටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ද  පැය ගණනාවක් වුවත් පහසුවෙන් තිරය දෙස බලා සිටීමේ හැකියාව හිමිකර දේ.

Huawei Kirin 710A Chip සෙට් එකකින් බලගැන්වෙන Huawei MatePad T10s  , EMUI 10.1 බලගැන්වෙන අතර වැඩි දියුණු කරන ලද Graphics  සහ එදිනෙදා කාර්යයන් ඉහළ කාර්ය සාධනයක් යටතේ කිරීමේ හැකියාව ලබා දෙයි. 3GB RAM සහ 64GB  storage එකක් සහිත වන Huawei MatePad T10s ඉහළ දත්ත ගබඩා කිරීමේ හැකියාවක් ලබාදේ .තවදුරටත් වැඩි කල හැකි ලෙස  අතිරේක SD කාඩ්පතක් භාවිතා කිරීමේ හැකියාවද හිමිවන අතර මෙමගින් ඕනෑම ප්‍රමාණයක ලිපිගොනු සහ දත්ත ගබඩා කිරීමට ඔබට හැකියාව ලැබේ .

Huawei MatePad T10s ඉතා ප්‍රයෝජනවත් පසුපස සහ ඉදිරිපස කැමරාවලින් සමන්විත අතර ක්ෂණික ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. F2.2  aperture සහිත 5MP පසුපස කැමරාව සහ f2.4  aperture සහිත 2MP ඉදිරිපස කැමරාව කුමන තත්වයක් යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමිකරදේ. Huawei MatePad T10s හි 5100mAh දැවැන්ත බැටරියකින් සමන්විත අතර දවස පුරා අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගත හැකිය.

Huawei MatePad T10s  සියලුම Huawei Experence Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.   

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *