ආකර්ශනීය නිමාව සහ සුපිරි කැමරා පද්ධතියකින් යුතු Huawei Nova 7i

ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei  විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය  පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි.  මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග පිළිබඳව සොයා බැලීමට බොහෝ දෙනා යොමුවී ඇත.

ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් වෙළද පොළ වෙත ඉදිරිපත් කර ඇති Huawei Nova 7i, Nova පවුලේ අනෙකුත් ස්මාර්ට් දුරකථන මෙන්ම  අලංකාර matte පෙනුමකින් යුක්ත වන අතර භාවිතයට සහ අල්ලා ගැනීමට පහසු aluminum frame පදනම් කර ගනිමින් නිපදවා ඇත. Huawei Nova 7i හි  අඟල් 6.4 ක් තරම් වූ dew drop තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර මේ හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත.

Lite-flagship මාදිලියේ  විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 7i  හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා වලින් සමන්විත Quad AI කැමරා පද්ධතිය හේතුවෙන් ඉතා අලංකාර සහ විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්වයකදී වුව, blur-free වීඩියෝ ගැනීම Huawei Nova 7i හරහා හිමි වන අතර  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබේ. තවද Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Color මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.  නවතම punch hole තාක්ෂණය මඟින් බල ගැන්වුණු  දුරකතනයේ 16MP ඉදිරිපස කැමරාව  full view තිරයෙහි වම් පස කෙරවලේ පිහිටා ඇති අතර මේ  හරහා කිසිඳු බාධාවකින් තොරව  තිරය පරිහරණය කිරීමේ පහසුව පරිශීලකයාට හිමි වේ.  පික්සල් 1080 x 2310 resolution සහ 83.5% screen to body ratio සමඟින් එන Huawei Nova 7i හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත. අඟල් 6.4 ක් තරම් වූ තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර දුරකතනයේ ග්‍රෑම් 183ක් තරම් සැහැල්ලු බර සහ IPS LCD touch තිරය  භාවිත කරන්නාට සුමට අත්දැකීමක් හිමි කර දෙන දේ. 

Mobile gaming සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර Huawei Nova 7i ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 7i  භාවිත කරන්නන්ට ඉඩ හිමි වේ. 8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  Sakura Pink, Crush Green සහ  Midnight black යන වර්ණ ත්‍රිත්වයකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 7i , වඩාත් අලංකාර පෙනුමකින්ද  යුක්ත වේ.  රුපියල් 47,999.00  මිලකට එන Huawei Nova 7i , දැන් සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *