බහු- භාෂා අධ්‍යාපනයෙහි 40 වස සමරන, ප්‍රංශ ජාත්‍යන්තර පාසලට නවක සිසුන් බඳවා ගැනේ

ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC), පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට,‍් පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව කොළඹ 05, පාර්ක් පාරෙහි පිහිටා ඇති ප්‍රංශ ජාත්‍යන්තර පාසල 1979 වසරේ පිහිටුවීමෙන් අනතුරුව දැනට දශක හතරක් පුරා ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණයෙන් යුතුව, ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ අධ්‍යාපනය ලබා දීමෙහි පුරෝගාමීන් ලෙසින් කටයුතු කරමින් සිටියි. EFIC බහු-භාෂා අධ්‍යාපන පාසල සඳහා 2020 සැප්තැම්බර් මස නවක සිසු-සිසුවියන් බඳවා ගැනීම සඳහා දැන් අයදුම්පත් කැඳවා තිබේ.

ප්‍රංශයේ විදෙස් අධ්‍යාපනය සම්බන්ධ ඒජන්සිය වන “Agence pour l’Enseignement Français à l’Etranger” (AEFE) හි අනුමැතියද මීට හිමි වී තිබේ. AEFE යනු ප්‍රංශයේ යුරෝපා හා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අධීක්ෂණයට ලක් කෙරෙන අධ්‍යාපන ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත ශක්තිමත් ජාලයකි. එමගින් ලොව පුරා විශිෂ්ටතම අධ්‍යාපන අවස්ථාවන් පිරි නැමෙන අතර, රටවල් 139 ක ආසන්න වශයෙන් පාසල් 522 ක, 370,000 ක සිසුන් පිරිසකට සෙවණ සැලසේ.

EFIC වෙත ඉකුත් වසර ගණනාව තිස්සේම,  දේශීය සිසුන්ට අමතරව ප්‍රංශය, ඇමරිකාව, කැනඩාව, ස්විස්ට්සර්ලන්තය, ග්‍රීසිය, කොරියාව, අසර්බයිජානය, තුර්කිය, බෙල්ජියම, බ්‍රිතාන්‍යය, මාලදිවයින, ඉන්දියාව හා පකිස්තානය යන රටවලින් සිසුන් ඇතුළත් කර ගැනුණි. සිසුනට සංස්කෘතීන් ගණනාවක් හා භාෂා විවිධත්වයන් මධ්‍යයේ එකිනෙකාගේ අනන්‍යතාවන්ට ගරු කරමින් වර්ධනය විය හැකි බහු- සංස්කෘතික පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා එම ආයතනය කැප වී කටයුතු කරයි.

“අපගේ දැක්ම වන්නේ සිසුන්ට හොඳ අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීමයි. අඩු සිසුන් සංඛ්‍යාවක් සිටීම, සෑම සිසුවකු පිළිබඳවම වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කිරීමට ඉවහල් වන කාරණයක්. ළමයකුට භාෂාව අතින් පරිණත වීමට ඉතා කුඩා අවධියේ පටන් භාෂාව ඉගැන්විය යුතු යැයි විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් මගින් පෙන්වා දී තිබෙනවා. මූලික විෂයයන් වශයෙන් භාෂා ගණනාවක් ඉගැන්වෙන පරිසරයක වර්ධනය වීම සිසුන්ගේ භාෂා දැනුම සඳහා මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා මං මාවත් විවර වීමටත් ඉඩ සලසනවා. පෙර පාසල් අවධියේ සිටම සිසුන්ට ප්‍රංශ හා ඉංග්‍රීසි භාෂාවන් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම මගින් ඉතා ළාබාල අවධියේම චතුර ලෙස ප්‍රංශ හා ඉංග්‍රිසි බසින් කතා කිරීමට හා සිතීමට හැකියාව ලැබෙනවා.” ප්‍රංශ ජාත්‍යන්තර පාසලේ / Ecole Francaise Internationale de Colombo (EFIC) විදුහල්පතිනිය ස්ටෙෆනි ගිලියට් මහත්මිය සඳහන් කළාය.

විවිධ භාෂා පසුබිම් සහිත සිසුන්ට ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා ආධාරක පරිසරයක් ලබා ගැනීමට පහසුව සැලසෙන පරිදි, EFIC හිදී, පෙර පාසලේ සිට EMILE ප්‍රංශ/ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ඒකාබද්ධ කෙරෙන ඉගැන්වීම් ක්‍රමයකට සිසුන් අනුගත කෙරෙයි. මෙම විවෘත ක්‍රමවේදය සිසුන්ගේ සංජානන වර්ධනය හා චින්තන රටා වර්ධනය වැනි ප්‍රතිලාභ රාශියක් උදා කර දීමටද සමත් වේ.  “අන්තර්ගතය සහ භාෂා ඒකාබද්ධ ඉගෙනීම ” සඳහා වන ප්‍රංශ වෑයම, EMILE (Enseignement d’une Matière par l’Intégration d’une Langue Etrangère) ලෙසින් හැඳින්වේ. ඉන්, විද්‍යාව, සංගීතය, ක්‍රීඩා හා කලාව වැනි විෂයන් වෙනස් භාෂා ද්විත්වයකින් ඉගැන්වේ. ඉංග්‍රීසි ගුරුවරයකු හා ප්‍රංශ ගුරුවරයකු විසින් එකම පාඩම පියවරෙන් පියවර උගන්වන මෙම ක්‍රමවේදය‍, ලොවට විවෘත වූ මනසින් යුතුව අධ්‍යාපනික ප්‍රගතිය අත්පත් කර ගන්නා අතරතුර සිසුන්ගේ තරගකාරී මට්ටම වර්ධනය කිරීමට ඉවහල් වේ. EMILE අධ්‍යාපන ක්‍රමවේදය 1990 සිට ලොව පුරා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙසින් සනාථ වී ඇති අතර, 2015 වසරේ සිට ප්‍රංශ ජාත්‍යන්තර පාසලෙහි අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ එම ක්‍රමවේදයට අනුවය.

සිය පාසල මගින්,‍් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය මනාව සැකසෙන බවට සහතික වන EFIC, 2 වැනි ශ්‍රේණියේ පටන් සෑම සිසුවකු සඳහාම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල සහතික පත්‍ර විභාගය හා විදෙස් භාෂාවක් ලෙසින් ඉංග්‍රීසි ඩිප්ලෝමාව (DEFL) සඳහා පෙනී සිටීමට නිර්දේශ කර තිබේ. අධ්‍යාපනය ලබන රටේ සංස්කෘතික හා භාෂාමය විවිධත්වය වැලඳ ගන්නා අතරෙහි, ප්‍රංශ විෂය නිර්දේශයට යටත්ව, නවතම ඉගැන්වීමේ ක්‍රමවේදයක් සිසුන් හට ලබා දීම EFIC විශ්වාස කරයි. ප්‍රංශයේ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රමෝපායන් අනුව මැනවින් පුහුණුව ලද, ඉහළම දක්ෂතාවන්ගෙන් යුතු කාර්ය මණ්ඩලයකගෙන් EFIC සමන්විත වේ.

සිසුන් 6 වැනි ශ්‍රේණියට සමත් වීමෙන් ඉක්බිති, EFIC යුරෝපයේ හා ප්‍රංශ භාෂාව කතා කරන රටවල ප්‍රමුඛතම  අධ්‍යාපන ආයතනයක් වන‍, ජාතික දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානයේ (CNED) උසස් අධ්‍යාපන අවස්ථාවන් සඳහා ඔවුන්ට අවස්ථාව උදා කර දෙයි. EFIC මගින් 12 වැනි ශ්‍රේණිය එනම් අවසන් ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා ගත හැකිය. එය විශ්ව විද්‍යාල 3,500 කට වැඩි ගණනකින් සහ ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාල මගින් ශ්‍රේණිගත කර ඇති ‘මහා විද්‍යාල ̓ වලින් සමන්විත වන ප්‍රංශයේ, සෑම “උපාධිධාරියෙකුටම” වෘත්තීය මාර්ග සැකසීම මගින් උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකි උපරිම ආකාරයෙන් සහාය වේ. මීට අමතරව, ප්‍රංශයේ අධ්‍යාපනය ලැබීම සඳහා වීසා තිබීම හේතුවෙන් යුරෝපය ගවේෂණය කිරීමට මෙන්ම, විවිධ සංස්කෘතීන් හා සම්ප්‍රදායන් පිළිබඳ දැන ගැනීමටත් අවස්ථාව සැලසේ.

 EFIC, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමග සහයෝගයෙන් යුතුව සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන අතර, පාසල් ගාස්තු හා ශිෂ්‍ය කටයුතු සම්බන්ධ කාරණා වලදී විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන අධ්‍යාපනික ආයතනයකි. EFIC වෙත දරුවකු ඇතුළත් කිරීම යනු එම දරුවාට ශ්‍රී ලංකාවේ සිට යුරෝපීය අධ්‍යාපන ප්‍රමීතීන්ට අනුකූලව ඉගෙනීමට අවස්ථාව සැලසීමක් වෙයි.

එළඹෙන මැයි මාසයේදී, ප්‍රංශ ජාත්‍යන්තර පාසල වෙත සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ තොරතුරු https://www.eficolombo.com/  වෙබ් අඩවියෙන් දැන ගත හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *