මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම DP Foundation ශ්‍රී ලංකාව තුළ නිපුණතා පුර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ පළමු පියවර තබයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලෝලීන් සඳහා නොමිලේ ඉගෙනීමේ අවස්ථා සඳහා ප්‍රවේශයක් ලබා දීමයි. ඩී.පී. පදනම (DP Foundation), එහි ඩී.පී.එඩියුකේෂන් (DP Education) අංශය හරහා මොරටුව විශ්ව විද්‍යාලය වෙත මෙම නවමුලපිරිම තුල මාර්ගගත පාඨමාලා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල්, මානව සම්පත් ඇතුලු සියලුම පහසුකම් සපයනු ලැබේ.

මේ වනවිටත් යූ ටියුබ් වෙබ් අඩවිය තුල දියත් කර ඇති “යුනිවර්සිටි ඔෆ් මොරටුව – බිට් ඔන්ලයින් (University of Moratuwa – BIT Online)” යූ ටියුබ් නාලිකාව හරහා සියලුදෙනා හට මැතමැටික්ස් ෆෝ අයි.සී.ටී (Mathematics for IT), වෙබ් ප්‍රෝග්‍රෑමින් (Web Programming), ඩේටාබේස්  මැනෙජ්මන්ට් සිස්ටම්ස් (Database Management Systems) සහ අයි.සී.ටී ඇප්ලිකේෂන්ස් (ICT Applications) වැනි විෂය ධාරාවන් නොමිලේ අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවළගේ පරිත්‍යාගශීලී මුලපිරීමක් වන ඩී.පී. පදනම (DP Foundation), දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකිරීමට මෙන්ම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම කුසලතාවයන් වැඩිදියුණු කිරීම උදෙසා කැපවී සිටී. මේ වන විටත් ඩී.පී.එඩියුකේෂන් (DP Education) අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත ඉගෙනුම් වේදිකාව බවට පත්වී ඇත.

ඩී.පී.එඩියුකේෂන් (DP Education) පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dpeducation.lk/ වෙත පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *