අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

ශ්‍රී ලංකාවේ Huawei උපාංග අංශයේ  ප්‍රධානී පීටර් ලියු මහතා අලුතින් නිකුත් කරන ලද Huawei Y7a පිළිබඳව අදහස් දක්වමින් මෙලෙස පවසයි. “Huawei Y මාලාව ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. Y ශ්‍රේණි දුරකථනයන් ප්‍රධාන වශයෙන් අඩු මිල ස්මාර්ට්ෆෝන් අංශයට  අයත් අතර, වර්තමාන පාරිභෝගිකයින්ගේ වැඩිවන අවශ්‍යතා සපුරාලන නවෝත්පාදන විශේෂාංග සහිතව සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම අපි විශාල වටිනාකමක් එක් කරමින් නිපදවා ඇත්තෙමු. Huawei Y7a තවත් පියවරක් ඉදිරියට යයි – එය Y ශ්‍රේණියේ අඩු මිලකට වඩා විශාල විශේෂාංග රැසක් ගෙන එන වඩා බලවත් සැකසුම් පද්ධතියක් සහිත  ස්මාර්ට් දුරකථනයක් වේ.  Y7a මුදල් සඳහා වටිනාකමක් පමණක් නොව, මධ්‍යම මට්ටමේ මිල ගණන් යටතේ ප්‍රමුඛතම විශේෂාංග ද  සපයයි. ”

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි:

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටගේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත.48MP High Resolution ප්‍රධාන කැමරාව විචිත්‍රවත් පැහැදිලි ඡායාරූප ග්‍රහණය කර ගන්නා අතර අනෙක් කාච තුනේ සංයෝජනය මඟින් පරිශීලකයින්ට අතිශය පුළුල් කෝණික, පැහැදිලි විශාලනය සහ අනන්‍ය ගැඹුර  මගින් දර්ශන ග්‍රහණය කර ගනී. අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක .punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහස පරිශීලකයින්ට හිමිවේ .  Huawei Y7a 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Huawei Y7a හි එක් පැත්තක ඇති  ඇඟිලි සලකුණු කියවනය සහිත බලගැන්ව්මේ බොත්තම පරිශීලකයින් හට නැවුම් අත්දැකීමක් ලබාදෙන අතර එමගින් මෙම ස්මාර්ට් දුරකතනයේ ආරක්ෂාවද ඉහළ නැංවීමට සමත් විශේෂාංගයක් ලෙස හැදින්විය හැක.මෙම විශේෂාංගය පරිශීලක භාවිතය පහසු කිරීම ට යොදාගත් තවත් එක් අංගයකි.

නව Huawei Y7a හි මිල රුපියල් 35999.00 ක් පමණක් වන අතර සියලුම singer ප්‍රදර්ශනාගාරවලින් සහ බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැකිය.අන්තර්ජාල ඇණවුම් කිරීම  Daraz.lk හරහා සිදුකරගත හැක .

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *