ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 22වන වරටත් ආලෝකමත් කරයි.

ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී.

2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව පෙරදැරිව ජුනි 19 වන දින සිට ජුලි මස 04 දක්වා පැවැත්විණි.

ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්  බව ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.

ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම සියලු වන්දනාකරුවන්ට ප්‍රයෝජනවත් වන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයන බව ඇය තවදුරටත් පවසා සිටියාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැරක් ද පැවැත්විණි.

ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයට සමගාමීව කතරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී ස්වදේශී කොහොඹ බේබි මාතෘ සත්කාරක වැඩසටහනක් ද පැවැත්විණි. මෙහිදී ගැබිණි මව්වරුන් 100 දෙනෙකුට අත්‍යවශ්‍ය ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන පරිත්‍යාගයක් ස්වදේශී කොහොඹ බේබි විසින් සිදු කරන ලදී.

බුදුරජාණන්  වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහි වනු වස් මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහා වංශයේ දැක් වේ.

ශ්‍රී ලංකාව  ආරක්ෂා කර ගැනීම පිණිස තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදී. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව විවිධ ජන වර්ගවලට අයත් විවිධ ජාතීන් හා ආගම්වල ජනයා විසින් කතරගම දෙවියන් වන්දනාමාන කරනු ලබයි.

කඳාන, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් අතීත මහිමය නැවත ගෙන ඒ මෙහිලා  2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහ  විහාරයේ  ශ්‍රී දළදා මාළිගාවසහ පෞරාණික බිතු සිතුවම් අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු  මහා දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ  දේවාලය, මහනුවර ශ්‍රී විශ්නු මහා දේවාලය, සබරගමු මහා සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරයදඹදෙණිය රජමහ විහාරය සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ

දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය, කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි. සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් වන ස්වදේශී පසුගිය වසර 80 තුළ සිය සන්නාමය තුළින් කර්මාන්තයේ ප්‍රථමයා බවට විවිධ නිෂ්පාදන යටතේ පත් වී තිබේ. ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලදී. ස්වදේශී කර්මාන්තායතනය විසින් වෙළෙඳපොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්, බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ හෑන්ඩ් වොෂ්, කොහොඹ බොඩි වොෂ් සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන් වන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කර ඇත. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

ඡායාරූප විස්තරය

කදාන, ස්වදේශී කර්මාන්තායතනයේ සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය කිරි වෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන්  වික්‍රමරත්න ගුණසේකර මහතා, ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *