සිංගර්, Global Banking and Financial සම්මාන උළෙලේදී Retail Brand of the Year ලෙසින් සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. බ්‍රිතාන්‍ය පදනමක් සහිත, Global Banking and Financial Awards යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන උළෙලක් වන අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගම එම උළෙලේදී ප්‍රථම වතාවට, Retail Brand of the Year ලෙසින් සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍යය පාදක කර ගත්, Global Banking and Finance Review යනු, මූල්‍යමය කරුණු රාශියක් පිළිබඳ ලොව පුරා පාඨකයින් දැනුවත් කරන අන්තර්ජාල අවකාශයක් වන අතර, Fortune 500 ලැයිස්තුවට අයත් සමාගම්වල ජ්‍යෙෂ්ඨ තීරකයින්, ආයෝජකයින්, හා බැංකුකරුවන් ඇතුළු දහස් ගණනක පිරිසක් තමන් නිරත ව සිටින ක්ෂේත්‍රය පිළිබඳ කාලීන දැනුවත්භාවයක් ලබා ගැනීම සඳහා එම අවකාශය භාවිත කරති. Global Banking and Financial Awards  මුල්වරට දියත් කළ 2011 වසරේ පටන්ම, මෙම සම්මාන උළෙලෙහි සම්මාන හිමි කර ගැනීම සඳහා ලොව සුපතල සමාගම් අතර, දැඩි තරගකාරිත්වයක් පවතී.

එවැනි පසුබිමක සිංගර් ශ්‍රී ලංකා සමාගම, එම සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාවේ පළමු හා එකම Retail Brand of the Year ලෙසින් සම්මානයට පාත්‍ර වීම, සිංගර් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

සිංගර් හිමි කරගත් මෙම ගෝලීය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සඳහන් කළේ, මෙවැන්නකි.

“ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හට සිංගර් සලසන සේවාව විදහා දක්වමින් Global Banking and Finance Review 2020 සම්මාන උළෙලේදී‍, Retail Brand of the Year ලෙසින් සම්මානයට පාත්‍ර වීමට ලැබීම අපට සතුටට හා ආඩම්බරයට කරුණක්. ගත වුණු කාලය, සියලු ව්‍යාපාරවලට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් වුණත්, ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සිංගර් සමාගමට ඒ තත්වයෙන් ගොඩ ඒමට හැකියාවක් තිබුණා. මේ සම්මානය සමග, ඉතාමත් විශිෂ්ට සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵල අත් විඳින්නට අපට හැකි වී තිබෙනවා. ඒ වගේම, අපගේ දැක්මට අනුව, පාරිභෝගික අවශ්‍යතා ඉලක්ක කර ගත් හොඳම සේවාවක් ලබා දීමට අපි ඉදිරියෙදිත් කටයුතු කරනවා.”  

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමගම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන විශිෂ්ටතම සේවාවක් පිරි නැමීම හේතුවෙන්, දිවයින පුරා ව්‍යාප්ත ශක්තිමත් පාරිභෝගික පදනමක් ඒ සතුව පවතී. එමෙන්ම,‍් දිනෙන් දින වර්ධනය වන එම පාරිභෝගික පදනමට සරිලන පරිදි, උසස් තත්ත්වයේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද, සිංගර් ප්‍රසිද්ධියක් උසුලයි. දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 430 කට අධික සංඛ්‍යාවක් හා ශක්තිමත් අලෙවි ජාලයක් මෙන්ම ඊ- වාණිජ අවකාශයක් ඇති සිංගර්, ජාත්‍යන්තර පිළිගත් සන්නාම 50 කට අධික සංඛ්‍යාවක ගෘහ උපකරණ 1200 ක් හා විදුලි උපකරණ 600 ක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ.  

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *