ABS Couriers විසින් Daraz විකුණුම් සමුළුවේදී ‘3PL of the year 2020’ පළමු ස්ථානය දිනා ගනී

Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier  පසුගියදා පැවති Daraz  විකුණුම් සමුළුවේදී  ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල Daraz  විසින් සංවිධානය කරනු ලැබූ දෙවන විකිණුම් සමුළුව වන අතර ABS Courier  දිනා ගත්  ‘3PL of the Year’ සම්මානය හඳුන්වා දුන්නේ ප්‍රථම වරටය.

මෙම උත්සවය වසරේ විශාලතම විකිණුම් අවස්ථාව වන 11.11 අලෙවිය පිළිබඳ දැක්මක් ද ඇතුළු වසර සඳහාම වූ ආකර්ෂණීය සැලසුම් සමඟින් එළිදැක්වීය. එහිදී Daraz 2020 විකුණුම් සමුළුව සඳහා හවුල්කරුවන් සහ විකුණුම්කරුවන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. සාර්ථකත්වය පිළිබඳ කතා බහ කෙරුණු කමිටු සාකච්ඡාවකින් අනතුරුව මෙම විප්ලවයට එකතු වන ලෙස විකුණුම් කරුවන්ට අරාධනා කෙරිණි.

මේ වසර ආරම්භයේදී ABS Courier සේවාව  Daraz සමඟ අත්වැල් බැඳගත් අතර එතැන් සිටම අනෙකුත් කුරියර් සේවා සපයන්නන් අතර ශ්‍රේණිගත කිරීම්වලින් සියයට 94 ක සාර්ථක භාරදීම් ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබේ. DEX හි උපායමාර්ග හා සැලසුම් අංශ ප්‍රධානී සජිඩ් සුහයිල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ඊ-වාණිජ්‍යය සැපයුම්කරණයේ වඩාත්ම තීරණාත්මක අවස්ථාව වන්නේ අවසාන සැතපුම තෙක් බෙදා හැරීම වන අතර, පසුගිය මාස කිහිපය තුළ ABS courier අපට ලබා දී ඇති අඛණ්ඩ සහයෝගය අපගේ වර්ධනය වෙමින් පවතින පාරිභෝගික පදනම වඩාත් සතුටු කිරීමට උපකාරී වී ඇත.”

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් “පාරිභෝගික සේවාව උසස් මට්ටමක තබා ගැනීමේ එකම අරමුණ ඇතිව ‘3PL of the Year’ සම්මානය හඳුන්වා දුන් අතර ABS courier හී කැපවීම සහ අවංකභාවය නිසැකවම එම ප්‍රමිතිය සැකසීමට ඉවහල් වී තිබෙනවා” යැයි ද පැවසීය .

ABS Courier හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ජූලියන් ඇන්ඩර්සන් මහතා ද මේ පිළිබඳ මෙසේ පැවසීය. “ආරම්භයේ සිටම අපගේ දැක්ම සෑම විටම රටේ වඩාත්ම වෘත්තීමය, විශ්වාසදායක කුරියර් සේවා සැපයුම්කරු වීමයි. අප මෙම සම්මානය දිනා ගැනීමෙන් තහවුරු වන්නේ එම නිවැරදි දිශාවට අප ගමන් කරමින් සිටින බවයි. අප කෙරෙහි වූ මෙම සුවිශේෂී ගෞරවයට අපි Daraz  වෙත ස්තූතිවන්ත වන අතර පාරිභෝගික සේවාව නිරන්තරයෙන් වඩාත් උසස් මට්ටමට ඉහළ නැංවීම සඳහා කැපවී සිටිනවා”

දීපව්‍යාප්තව සිල්ලර වෙළඳාම්, දේපළ වෙළඳාම්, මූල්‍ය, පාරිසරික කළමනාකරණය, නිෂ්පාදන, සැපයුම් සහ වෙනත් ව්‍යාපාරික අංශ කෙරෙහි බලපෑම් ඇති කළ සුප්‍රසිද්ධ සමාගම් සමූහයක් වන අබාන්ස් (Abans) සමූහය යටතේ 2006 වසරේදී  දී ABS Courier  සිය මෙහෙයුම් ආරම්භ කළේය. ප්‍රමුඛ පෙළේ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සංවිධාන වලින් සමන්විත පුළුල් ගනුදෙනුකාර පාර්ශ්වයන් සඳහා පුළුල් ප්‍රවාහන හා සැපයුම් විසඳුම් ලබා දීමට ABS Courier අති නවීන තාක්‍ෂණය යොදා ගනී.

ශාඛා 21කින් සහ වැදගත් ස්ථාන පිළිබඳ සැලකිලිමත් වෙමින් උපායමාර්ගිකව ස්ථානගත කර ඇති මධ්‍යස්ථාන ජාලයක් ABS Courier සමාගම සතුවේ. තවද, ABS Courier සමාගම සතුව බෙදාහැරීම් සෝදිසි කිරීමේ  Tracking System පවතින අතර පැය 24 ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය සහ සුවිශේෂී බෙදාහැරීම් සමූහය, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පිළිබඳ සමාගමේ හැකියාවන් වලට තවත් වැඩි වටිනාකම් එකතු කරයි.

Daraz.lk යනු Alibaba සමූහයට අයත් ශ්‍රී ලංකාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළඳපොලයි. එලෙසම  Daraz සමූහය පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු වෙළෙඳපොළ පහක ඊ-වාණිජ්‍ය වේදිකා සහ සැපයුම් සේවා ක්‍රියාත්මක කරයි. Daraz.lk දැනට මිලියනයකට අධික සබැඳි පරිශීලකයින් සඳහා සේවා සපයන අතර එහි  වෙළඳ පොළ කළමනාකරණ ව්‍යාපාර ආකෘතිය හරහා ගනුදෙනුකරුවන් සහ විකුණුම්කරුවන් අතර ඩිජිටල් සබඳතා ඇති කිරීමට කැපවී සිටී.

 mega deals, flash sales මිලියන 3ට වැඩි  vouchers සහ දීමනා සමඟින් Daraz 11.11 විකුණුම් අවස්ථාව පැවැත්වුණු අතර ඒලෙසම එළඹෙන 12.12 විකිණුම් අවස්ථාව වෙනුවෙන් ද ශ්‍රී ලංකාවේ වාණිජ හා කාර්මික ප්‍රවාහන විසඳුම් සඳහා උසස් ප්‍රමිතීන් සකස් කරමින් Daraz සමඟ ඇතිකරගත් සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට ABS Courier  දැඩි උනන්දුවෙන් බලා සිටී.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *