COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය අගෝස්තු මස 25 සිට 27 දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එකාබද්ධ සහයෝගීතාවයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙරට කාර්මික නිෂ්පාදනයන්ගේ සංවර්ධනය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධන කිරීම අරමුණු කරගෙන තිබේ.

“Shaping Innovation, Powering Progress ” යන තේමා පාඨය යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වු අතර සමාරම්භක උත්සවය වෙනුවෙන් සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.මෙහිදී සුවිශේෂි සම්භාවනීය ආරාධිතයන් වශයෙන් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා මෙන්ම ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සහභාගී වු අතර ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් මෙරට කාර්මික සංවර්ධන සඳහා ඇති කැපවීම මෙම ප්‍රදර්ශනයේදී සනිටුහන් කරන ලදී.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම එකාබද්ධ ප්‍රදර්ශනය තුළ කාණ්ඩ 05 ක් යටතේ සමගාමී ප්‍රදර්ශන සංවිධානය කර තිබීම සුවිශේෂිත්වයකි. එහිදි RUBEXPO 2023 ප්‍රදර්ශනය හරහා රබර් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරන අතර COMEXPO 2023 ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන අංශයේ වර්ධනය කෙරෙහි නවීන තාක්ෂණික විසඳුම් හා සේවාවන්ගේ දායකත්වය ඉදිරිපත් කරනු ලබයි. TOFAS 2023 ප්‍රදර්ශනය හරහා දෘඪාංග මෙවලම් හා භූමි නිර්මාණකරණය උදෙසා යොදාගන්නා මෙවලම් පිළිබඳව දැනුවත්කිරීම සිදුවේ. MOPEEXPO 2023 ප්‍රදර්ශනය පළමු වරට මෙම එකාබද්ධ ප්‍රදර්ශනයට එක්වන අතර එහිදී මෝටර් රථ අමතර කොටස්, ටයර්, බැටරී සහ ගරාජ් උපකරණ පිලිබඳව දැනුවත්කිරීම සිදු කරනු ලබයි. MOPEEXPO සඳහා ශ්‍රී ලංකා ඔටෝ කම්පොනන්ට් මැනුෆැක්චර්ස් ඇසෝෂියේෂන්, චෙම්බර් ඔෆ් ඔටෝමොබයිල් ප්‍රොෆේෂනල් ඇන්ඩ් එන්ටර්ප්‍රර්යිසස්, මෙන්ම ලංකා මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ඩීලර් ඇසෝෂියේෂන් යන සංගමයන්ගේ පුර්ණ සහයෝගීත්වය හිමිවේ.

මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 200ක් පමණ සහභාගී වන අතර, එයට ඉන්දියානු සමාගම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම චීන හා ශ්‍රී ලංකා සමාගම් 80ක් පමණ ඇතුළත් වේ. ජාත්‍යන්තර වශයෙන් ගෝලීය සහයෝගීතාව වර්ධනය කරමින් සිය නව්‍ය නිෂ්පාදනයන් හා විසඳුම් ප්‍රදර්ශනය කිරීම ඔවුන් මෙහිදී සිදුකරනු ලබයි.

Smart Expos India (PVT) Ltd හී ප්‍රධාන විධායක නිලධාරී බී. ස්වාමිනාදන් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. “වේගයෙන් වෙනස් වන මෙම කාලය තුළ අපනයන මත පදනම් වූ ආර්ථිකයක් පෝෂණ කිරීම වෙනුවෙන් කැපවීම වැදගත් කරුණක්. COMPLAST 2023 මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කුසලතාව කෙරෙහි ගෝලීය අවධානය යොමු වන, අතර එමඟින් අපනයන කේෂ්ත්‍රයේ වර්ධනය හරහා මෙරට ආර්ථිකය සමෘද්ධිමත් වනු ඇතැයි මම විශ්වාස කරනු ලබනවා.”

මෙම COMPLAST 2023 ප්‍රදර්ශනය දේශීය හා ජාත්‍යන්තර නිෂ්පාදන අංශයන්ගේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ට එකට එක් වී ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමට වේදිකාවක් සපයන සුවිශේෂි වැඩසටහනකි. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, සම්භාවනීය අමුත්තන් මෙන්ම සහභාගීවන්නන්ගේ සහයෝගීතාවයෙන් COMPLAST 2023 ගෝලීය ප්‍රදර්ශනය මෙරට නිෂ්පාදන කුසලතා ජාත්‍යන්තරය වෙත රැගෙන යෑමේ පරීවර්තනීය විප්ලවයක් ලෙස සැළකිය හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *