Hikka Tranz by Cinnamon, Plasticcycle සහ MEPA හික්කඩුව වෙරළතීරය සුරැකිම සඳහා ව්‍යාපෘතියක් දියත් කරයි.

Hikka Tranz by Cinnamon, ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcylce සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ හික්කඩුව වෙරළතීරයේ කොටසක් සුරැකිම සඳහා 2020 ජනවාරි 30 දින වැඩසටහනක් දියත් කරන ලදි. මෙම වැඩසටහන තුලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ බින් ස්ථානගතකිරීමට අපේක්ෂා කරන අතර එයට MEPA විසින් ආරම්භ කරන ලද “වෙරළ ආරක්ෂක” වැඩසටහනේ කොටසක් ලෙස වෙරළ සුරක්ෂිත කිරීම සඳහා දිගුකාලීන පිරිසිදු කිරීමේ කටයුතු රාශියක්ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අභ්‍යන්තරව සහ බාහිරව එකතුවන ප්ලාස්ටික්වල ප්‍රතිඵලයක් ලෙස මුහුදු තීරය දිගේ ගොඩ ගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි වෙමින් පවතී. දේශීය නීතිබලගැන්වීමේ නිලධාරීන්, හික්කඩුව හෝටල් සංගමයේ නිලධාරීන්, කිමිදුම් මධ්‍යස්ථානයේ සාමාජිකයින්, හික්කා ට්‍රාන්ස් හි කාර්ය මණ්ඩලය, විදේශීය සංචාරකයින්, ප්‍රදේශ වාසීන් සහ වෙරළ ආරක්ෂකයින්ගේ සහභාගිත්වය ඇතිව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කරන ලදී.

හික්කඩුව මුහුදු තීරය දිනකට සංචාරකයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් ඈදා ගන්නා බවත්, එම සංඛ්‍යාව කාර්ය බහුල නිවාඩු කාලසීමා සහ දිගු සතිඅන්තවලදි දෙගුණයක් වන බවත් හික්කා ට්‍රාන්ස් හි සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්, ලන්කේශ පොන්නම්පෙරුම මහතා සඳහන් කළේය.

වෙරළ පිරිසිදු කිරීම සහ සේවා ස්ථානය ආසන්නයේ තබන ලද විශේෂ කැස්බෑවන් හැඩැති භාජන තුනට අමතරව, හික්කා ට්‍රාන්ස් හි කාර්ය මණ්ඩලය විසින් හික්කඩුව ගල්පරවල වාසය කරන මාළුවන් සහ කොරල් පිළිබඳ විස්තර ඇතුලත් පත්රිකාවක් මෙම වැඩසටහනට සහාභාගී වූවන් අතර බෙදා හරින ලදී. මෙම වැඩසටහන දියත් කරනුයේ හික්කා ට්‍රාන්ස් විසින් පවත්වනු ලබන වෙරළ සංරක්ෂණය පිළිබඳ ප්රදේශයේ තරුණයින් සහාභාගී කරගැනීමේ වැඩසටහනට අමතරවයි.
මීට අමතරව, තරුණයින් හට පරිසරයට අවම හානියක් සහිත වඩාත් තිරසාර සහ වෘත්තීමය ව්‍යාපාර සංවර්ධනය කරමින් “guided snokerling” හඳුන්වා දී ඇත.

ප්ලාස්ටික් භාවිතය අඩුකිරීම සහ යථාර්ථකරණය දිරිගන්වමින් වගකීම්සහගත බැහැරකිරීමට සහයවෙමින් සහ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් දූෂණය අඩුකිරීම කරා එහි දැක්ම ඉදිරියට ගෙනයාම තුළ ප්ලාස්ටිසයිකල් විසින් ඉහත දක්වා ඇති ව්‍යාපෘති සඳහා හවුල්කාරත්වය දක්වන ලදි.
මෑතදී ප්ලාස්ටිසයිකල් විසින් වගකීම්සහගත ප්‍රතිචක්‍රීයකරණය සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 50ක් රැස්කරමින් එහි බින් ස්ථානගත කිරීමේ වැඩසටහනේ සන්ධිස්ථානයකට ලඟා විය. Plasticcycle විසින් MEPA, සිනමන් හෝටෙල් හා අනෙකුත් පාර්ශ්වකරුවන් හා එක්වී ශ්‍රී ලාංකීය මුහුදු තීරයේ අනෙකුත් ප්‍රදේශවල මෙම ආදර්ශය ප්‍රචලිත කිරීම අරමුණු කරන බව Plasticcycle හි කළමනාකාර- මෙහෙයුම්, බුද්ධික මුතුකුමාරණ මහතා සඳහන් කරන ලදි.

Plasticcycle යනු විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7ක් තුළ සමාගම් 70කට වඩා ක්‍රියාත්මක කරමින් කොළඹ කොටස් හුවමාරුව තුල ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන අතර, ජෝන් කීල්ස් සමූහය 2020 වර්ශයේදී ශ්රී ලංකාවේ ආර්ථික දියුනුවෙහි හා සංවර්ධනයෙහි හවුල්කරුවෙකු ලෙස සිය අභිමානවත් 150 වන වසර සමරනු ලබයි. 13,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 14 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇත. ජෝන් කීල්ස් පදනම ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු හා එක්සත් ජාතීන්ගේ ගෝලීය සුසංහිතයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරම ජෝන් කීල්ස් පදනම හරහා “හෙට දිනය සඳහා ජාතිය බලගැන්වීමේ” ස්වකීය දැක්ම ද ඉදිරියට ගෙනයයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *