VMware විසින් නැගී එන නව වෙළඳ පොළ සහ වියට්නාම වෙළඳ පොළ සඳහා නව සාමාන්‍යධිකාරී සහ ප්‍රධානී වශයෙන් වෙන්කටෙෂ් මුරලි මහතා පත් කරයි

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE:VMW) සමාගම විසින් නැගී එන නව වෙළඳ පොළවල් සඳහා සහ වියට්නාම වෙළඳ පොළ  සඳහා නව නායකත්වයක් ලබා දෙමින්, එහි සාමාන්‍යධිකාරී සහ නායකත්ව තනතුරට වෙන්කටෙෂ් මුරලි මහතා පත්කර ඇත. දශක දෙකකට අධික කාලයක තොරතුරු සන්නිවේදන හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ප්‍රවීණත්වය වෙන්කටෙෂ් මහතා හට හිමි අතර, එම දැනුම සහ පළපුරුද්ද තුලින්, VMware හි කලාපීය සංවර්ධනය ඇති කිරීමට හෙතෙම බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම, ප්‍රජාව, සේවා සහ ව්‍යාපාර පරිවර්තනය කරමින් සංවර්ධනය කරන ඩිජිටල් ආර්ථිකයන් සඳහා රුකුලක් වීමට, අදාල හවුල්කරුවන් සහ ව්‍යවසායන් සමඟ සමීපව කටයුතු කිරීමට වෙන්කටෙෂ් මහතා වැඩි අවධානයක් යොමු කරනු ඇත. 

මෙම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් VMware හි අග්නිදිග ආසියාව සහ කොරියාව සඳහා උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ පෝල් සිමොස් මහතා මෙලෙස පවසා සිටියි. “ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 2023 දී 5.3% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වියට්නාමය 2025 වන විට අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම අන්තර්ජාල ආර්ථිකය බවට පත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. වේගයෙන් වර්ධනය වන කලාපයේ ව්‍යාපාර සහ ඩිජිටල් පරිවර්තනය සඳහා අපගේ සහාය ශක්තිමත් කිරීමට VMware ඉහළ කැපවීමකින් ක්‍රියා කරන බව කිව යුතුයි.   2020 වර්ෂයේ සිට, වියට්නාමය ඇතුලු කලාපයේ නැගී එන වෙළඳ පොළ සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ලබා දුන් වෙන්කටේෂ්, අපගේ හවුල්කාර පද්ධතිය පරිවර්තනය කිරීමට සහ තවත් ව්‍යාපාරවලට තාක්ෂණිකමය වශයෙන් සංවර්ධනය වීම සඳහා විශාල දායකත්වයක් දැක්වූ අයෙක් ලෙස මා හැඳින්වීමට කැමතියි. වෙන්කටෙෂ් විසින් ඔහුගේ නව භූමිකාව හරහා,  කලාපයේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මට විශ්වාසයි.”

VMware හා සම්බන්ධ වීමට පෙර, වෙන්කටේෂ් විසින් Lenovo Enterprise Solutions හි Head of Software Defined Infrastructure  ලෙස ක්‍රියා කල අතර, එහිදී රජයන්, සමාගම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තාක්ෂණික විසඳුම් සහ දත්ත මධ්‍යස්ථාන විකුණුම් උපාය මාර්ගයයන් සඳහා නායකත්වය ලබා දී ඇත. ඔහු Dell Global BV හි Global Computing සහ Networking Solutions හි ප්‍රධානියා ලෙසද විශාල මෙහෙවරක් සිදුකර ඇත.

“ආසියාවේ නැඟී එන වෙලඳපොලවල් ඇතුළුව ලොව පුරා සිටින පාරිභෝගිකයින් සඳහා ඩිජිටල් පරිවර්තනය ඉහළම ප්‍රමුඛතාවයකි. Hybrid සහ multi-cloud, නවීන යෙදුම් සහ සයිබර් ආරක්ෂණය තුළ නවතම සහ හොඳම විසඳුම් සංවර්ධනය කරමින්, නැගී එන ආර්ථිකයන්ට උපකාර කිරීමට VMware විශාල කැපවීමක් සිදු කරනවා.  ව්‍යාපාරික අවස්ථා වඩා හොඳින් ග්‍රහණය කර ගනිමින්, හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තන ගමනට ප්‍රතිචාර දැක්වීමට, අනුවර්තනය වීමට සහ වේගවත් කිරීමට අපි ආයතනවලට සහය වනවා.” වෙන්කටේෂ් මහතා පවසා සිටියි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *