ප්‍රයිම් සමූහය Prime Grand, Ward Place ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම (Topping Off) සමරයි.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට අනුකූලව නැවත ආරම්භ කර තිබේ.

රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා ස්වකීය කැපී පෙනෙන දායකත්වය ලබා දෙන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, 2019 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Condominium Project) වෙනුවෙන් Asia PropertyGuru සම්මානයෙන් පිදුම් ලැබූ ‘Prime Grand’ සමගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.

2020 මාර්තු 11 දින “Prime Grand, Ward Place” ව්‍යාපෘතියේ 37 වන මහළ දක්වා ගොඩනැගිලි ව්‍යුහය (Super Structure) නිම කිරීමේ කටයුතු උත්සවාකාරයෙන් පැවත්විණි. එය  ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා, සම සභාපති සඳමිණි පෙරේරා මහත්මිය, මාගා ඉංජිනේරු සභාපති කපිතාන් එම්.ජී. කුලරත්න, DG5 සභාපති සුරංජිත් ද සිල්වා මහතා, CSEC හි කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් ප්‍රනාන්දු මහතා සහ  VForm Consultants හි කළමණාකාර අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතා ඇතුළු මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශවකරුවන් හා පාරිභෝගිකයන් පිරිසකගේ  සහභාගිත්වයෙන්  පැවැත්විණි.

මීටර් 160 ක් දක්වා අහසට විහිදෙන, මහල් 37 කින් යුතුව කොළඹ 07හි  ඉදිවන පළමු හා එකම ඉදිකිරීම මෙය වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි හා වැඩිම දිගින් යුතු  පිහිනුම් තටාකයද Prime Grand සතු බව ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සාඩම්බරයෙන් සඳහන් කරයි.

“කොළඹ 07 හි උසම ගොඩනැගිල්ලෙහි මූලික ව්‍යුහය අවසන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් කර්මාන්තයේ පුරෝගාමීයා  වශයෙන්  අධි සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකල්පය (Ultra Luxury Condominium Projects) නව මානයකට ගෙන යාමට අපට හැකි වුනා.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා පැවසීය.

 “සුඛෝපභෝගී පහසුකම් හා දැකුම්කළු නිමාවෙන් යුතුව ඉදිවන Prime Grand, Ward Place ශ්‍රී ලංකාවේ වඩා ගෞරවනීය පෙදෙසක ඉහළ ජීවන රටාවකට හිමිකම් කියන්නන් හට  තෝතැන්නක් බව නොරහසකි. කොළඹ 07 හි විශිෂ්ටතම සහාධිපත්‍ය ඉදිකිරීම ලෙස, එහි නිවාස විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ නිවැසියන්ගේ පෞද්ගලිකත්වය අතිශයින්ම සුරක්ෂිත වන අයුරින් හා  නගරයෙහි දර්ශනය ද  රිසි සේ නැරඹීමේ හැකියාව ඇති අයුරිනි. මෙය පශ්චාත් COVID-19 සමයෙහි ශ්‍රී ලංකාවට ආයෝජන ගලා එන ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් එකක් වනු ඇති බවට මම ඉතා සුභවාදීව කල්පනා කරනවා. COVID-19 වසංගතය පවතින අතරතුර වුවද මෙම ව්‍යාපෘතිය පිළිබඳව පැවති පාරිභෝගිකයන්ගේ උනන්දුවේ කිසිදු අඩුවක් සිදු වුණේ නැහැ. ව්‍යාපෘතිය පිළිබඳව දිගින් දිගටම ධනාත්මක විමසීම් අඛණ්ඩව  අපට ලැබෙනවා.”

Prime Grand ව්‍යාපෘතියෙහි ඉදි කිරීම් යළි ආරම්භ වන විට, ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සහ ඉදිකිරීම් දැවැන්තයා වන මාගා ඉන්ජිනියරින් විසින් ව්‍යාපෘති පරිශ්‍රය ඇතුළත හා ඉන් පරිබාහිර සියලු පාර්ශවකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර තිබේ.  

Prime Grand හි ඉදිකිරීම් නැවත ඇරඹීම, ආර්ථිකයට අවශ්‍යම මොහොතක ඒ සඳහා ශක්තිමත් දායකත්වයක් ලබා දීමට ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට ඇති හැකියාව පිළිබඳ හොඳම සාක්ෂියකි. දේශීය ආර්ථිකය නගා සිටුවීම පිණිස අන් කවරදාකටත් වඩා දේශීය සමාගම් පෙරමුණ ගැනීමේ අවශ්‍යතාවය අද වන විට මතු වී ඇති අතර, ඒ වෙනුවෙන් විදේශ ආයෝජන රට තුලට ගලා එන ප්‍රධාන අංශයක් ලෙස දේපළ වෙළදාම්  ක්‍ෂේත්‍රය  සන්නද්ධ කිරීමේ කාලීන අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රයිම් සමූහය මූලික පියවර තබා ඇත.

“ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට A- (stable) ණය ශ්‍රේණියක් (Credit Rating) ලබාගත් පළමු සහ එකම දේපළ වෙළඳාම් සමාගම වීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම තුළින් ප්‍රයිම් ව්‍යාපාරය සතු මූල්‍ය ස්ථායිතාවය හා විනිවිදභාවයත්, ආයෝජනයන් සඳහා හිමිවන සුරක්ෂිත භාවයත් පිළිබඳව පාරිභෝගිකයන්ට නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්” බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ මුළුමනින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස සිය ගමන් මග සනිටුහන් කළ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, මේ වසරේ සිය 25 වන සංවත්සරය සමරන්නේ, Moody’s Investors හි සමූහ සමාගමක් වන ICRA Lanka වෙතින් සුවිශේෂී ණය ශ්‍රේණියක්  හිමිකර ගත් පළමු සහ එකම දේපළ වෙළදාම් ‘සංවර්ධකයා ̓ ලෙස ය. ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සතු මූල්‍ය ශක්තිය, ස්ථාවරත්ව හා විශ්වසනීයත්වය ද, සිය ගනුදෙනුකරුවන්ගේ ආයෝජන සුරක්ෂිතව හා අඛණ්ඩව අනාගතය වෙත රැගෙන යා හැකි බවද මෙම ශ්‍රේණිගත කිරීම මගින් තහවුරු වේ. 

Prime Grand වැනි වටිනා දේපළ සඳහා විදේශීය ආයෝජනය නැවත රට තුළට ගෙන ඒමට හැකි වන පරිදි දේපළ වෙළදාම් ක්‍ෂේත්‍රය ස්ථාවර කිරීම සම්බන්ධව පුළුල් කතිකාවතක් මේ වන විටත් ප්‍රයිම් සමූහ ව්‍යාපාරය අරඹා ඇති අතර, බැංකු හා මූල්‍ය අංශ පවා හිතකර පොලී අනුපාත ලබා දෙමින් ඒ සඳහා සිය දායකත්වය සපයා තිබේ. මෙවැනි සුමට කරණයන්  තුලින් අනාගතයේදී ඉහළ වටිනාකමක් ඇති මෙවැනි දේපල සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ගැනුම්කරුවන්ගේ  ආකර්ෂණය කෙරෙහි සෘජු පෙළඹවීමක් ඇති කල හැක. 

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සියලු අංශයන් සඳහා සේවා සැපයීම සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වසර විසි පහක කාලයක් තිස්සේ ම ප්‍රසිද්ධියක් උසුලයි. මේ දක්වා සිය ගමන් මග පුරාම ඉඩම් හා නිවාස ව්‍යාපෘති 4000 කට අධික සංඛ්‍යාවක් සංවර්ධනය කර ඇති අතර එහි සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යපෘති (Condominium Projects) 43 න් ව්‍යාපෘති 36 ක් මේ වන විට සම්පූර්ණ කර ඇත. දැවැන්ත ආර්ථික හා සමාජ අවිනිශ්චිතතාවයන්  මධ්‍යයේ වුවද සිය ව්‍යාපෘති අඛණ්ඩව පවත්වා ගෙන යාමේ හැකියාව ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සතු බව යළි යළිත් සනාථ කර ඇත. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 17 ක් පුරා ව්‍යාප්ත වී ඇති ව්‍යාපෘතීන් සාර්ථකව මෙහෙය වීම නිසා, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගමක් ලෙසින් සම්මාන ගණනාවක් සඳහාම ප්‍රයිම් සමූහ ව්‍යාපාරය පාත්‍ර වී තිබේ. එම ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සන්නාම සඳහා පිදෙන “ආසියාවේ හොඳම වෙළඳ නාම 100” අතරට පැමිණීමත්, පසුගිය වසර 2 ක කාලය තුළ Asia PropertyGuru  සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාවේ ‘හොඳම සංවර්ධකයා ̓ යන සම්මාන නාමය දිනා ගැනීමටත් හැකි වී තිබේ. එනිසා, වර්තමානයේ කොවිඩ් -19 වසංගතයෙන් ඇති වන පීඩන හා අභියෝගයන්ට නොසැළී මුහුණ දීම සඳහා පෘතුල අත්දැකීම් සහිත විශේෂඥභාවය සහ මූල්‍ය ස්ථාවරත්වය ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සතුව පවතී.

Image 1  දකුණේ සිට වමට
1.     ශෙහානා බ්‍රාහ්මණගේ – අධ්‍යක්ෂිකා – Prime Group
2.    සදමිණී පෙරේරා – සම සභාපතිනී – Prime Group
3.    බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් – සභාපති – Prime Group
4.    සුරන්ජිත් ද සිල්වා – සභාපති – DG5 සමාගම
5.    ඉංජිනේරු ශිරෝමාල් ෆර්නෑන්ඩො – කළමණාකාර අධ්‍යක්ෂ – CSEC සමාගම
6.    ලලිත් රත්නායක – අධ්‍යක්ෂ – VForm Consultants සමාගම
7.    ඉංජිනේරු මංජුල වීරක්කොඩි – කළමණාකාර අධ්‍යක්ෂ – Prime Residencies (pvt) Ltd
8.    කපිතාන් එම්.ජී කුලරත්න – සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ – මාගා ඉංජිනියරින් සමාගම
සමන් මහවත්ත – සහයක සාමාන්‍යාධිකාරී – මාගා ඉංජිනියරින් සමාගම
Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *